වෙන්ගප්පුව ඇල්බර්ට් F පීරිස් ක්‍රීඩාංගණයේ පැවති පාසල් නෙට්බෝල් ජාතික ශූරතාවලිය - 2022 තරඟාවලියෙන් ජයග්‍රහණය ලබා ගත් 17න් පහළ නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවය 2023.01.05 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
මෙහි දී එම ක්‍රීඩිකාවන් මෙන්ම ක්‍රීඩා පුහුණු නිළධාරිනී ඉරෝෂිකා ප්‍රේමසිරි මහත්මිය ද ඇගයීම ට ලක් කිරීම විශේෂත්වයකි. මෙම අවස්ථාව සඳහා, මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඔමිනි මුදලිගේ මැතිදුන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්, පාසලේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහක්මීන් සහ දූ දරුවන් සහභාගී විය.