|
1970 සැප්තැම්බර් 01 වන දින මහා විද්‍යාලයක් බවට උසස් කරන ලද බී.වයි තුඩාවේ මහතා (එවකට මාතර පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන නියෝජ්‍ය ඇමති) |
වසර සියයක අනගිභවනීය ඉතිහාසයක් ඇති මෙම පාසල එකල කොකාවල, ආගරවල, මහමාවත, පරවාහැර, බැද්දෙගම්මැද්ද යනාදී ගම්මානවල දරු දැරියන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් පරවාහැර පදිංචිව සිටි එම්.ජී. කොරනේලිස් පොලිස් ඔෆිසර මහතාගේ පෞද්ගලික අක්කර භාගයක පමණ ඉඩමෙහි සිය ධන පරිත්‍යාගයෙන් හා ගම් වැසියන්ගේ උදව් උපකාර ඇතිව පොල් අතු සෙවිලි කරමින් මැටි බිත්ති ද සහිතව ඉදි කරන ලද ගොඩනැගිල්ල ක්‍රි.ව. 1919.01.06 දින ආණ්ඩුවට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එය කොකාවල ස්වභාෂා පාඨශාලාව නමින් ආරම්භ කර ඇත.
එහි ප්‍රථම මුල් ගුරුවරයා ලෙස ඩී.ඒ. ඇල්ගිරියවිතාන මහත්මාගේ මූලිකත්වයෙන් ක්‍රි.ව. 1919.01.19 දින සිසු සිසුවියන් 24 දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ කර ඇත.
1940 දී ශිෂ්‍ය සංඛ්‍යාව 250 දක්වා වැඩිවීම නිසා නව ගොඩනැගිල්ලක් ද, පාසලට එක් වූ අතර 1949 වන විට එම ප්‍රමාණය 4 දක්වා වැඩි විය.
මෙසේ දියුණු වෙමින් පැවති මෙම පාසල 1968 වන විට 1 – 7 දක්වා පංති සහිත කණිටු විදුහලක් බවට පත් විය.
පාසලේ පැවති අධ්‍යාපන ප්‍රබෝධයත් සමඟ එවකට මාතර පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන නියෝජ්‍ය ඇමති බී.වයි. තුඩාවේ මහතා විසින් 1970 සැප්තැම්බර් 01 වන දින මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදී.
මෙසේ පාසලේ ඇති වූ සීඝ්‍ර වර්ධනයත් සමඟ විවිධ රජයන් විසින් පාසලේ භෞතික සම්පත් වැඩි කිරීමට පියවර ගෙන ඇත.
